වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව අගමැති වශයෙන් හෙට සවස හෝ බ්‍රහස්පතින්දා පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තාවෙයි.
ව්‍යවස්ථාව අනුව මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරු පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයාට අගමැති තනතුර භාර ගන්නා ලෙස ජනපතිවරයාට ආරාධනාවක් කළ හැකිය.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ආරාධනාව ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. ඉන් අනතුරුව අගමැතිවරයා දිවුරුම් දීම නියමිතය.