නුගේගොඩ මහජන රැළිය සඳහා ලක්ෂ පහක ජනකායක් පැමිණි බවත්, වර්තමාන ආණ්ඩුව කරවන්නේ රනිල් වික්රමසිංහ අගමැතිතුමා බවත් නුගේගොඩ ජනරැළිය අමතමින් මන්ත්රී විමල් වීරවංස මහතා සඳහන් කළේය.
"පන්දාහට ලක්ෂ පහක් ඔන්න නුගේගොඩ වටකලා. සිරිසේන ජනපතිතුමා අසරණ වෙච්ච ජනපති කෙනෙක් පමණයි. අද ආණ්ඩුව කරන්නේ රනිල් වික්රමසිංහ මහත්මයි. රනිල් වික්රමසංහ මහත්මයා වාඩිවෙන්නේ ජනපති වාඩිවිය යුතු අටවැනි පුටුවේ. මේක පුටු පිළිබඳ ප්රශ්නයක් නෙමෙයි. ඒකෙන් පේනවා ජනපතිතුමාට තිබෙන තත්ත්වේ.රනිල් අගමැති වුණාට හිතාගෙන ඉන්නේ ජනපති කියලා. වැඩ කරන්නේ රනිල්ට ඕන විදියට." යැයි හෙතෙම සඳහන් කළේය.
"සිරිසේන ජනපතිතුමනි මේක ඔබේ ආණ්ඩුව නෙමෙයි. මේක රනිල් වික්රමසිංහට හදලා දීපු ආණ්ඩුව. දැන් අපි සිරිසේන ජනපතිතුමාට කියන්නේ ඔබ ඔබේ ආණ්ඩුවක් හදන්න. හදන්න වෙන ක්රමයක් නෑ. මහින්ද අගමැති සටනට ගේනන රනිල් එක්ක ආණ්ඩුකරනවට වඩා මහින්ද එක්ක ආණ්ඩුකරන එක ලේසියි කියලා ඔබ දන්නවා.තමුන්නාසේට ජනපති හැටියට රට කරන්න ඕනනම් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපෙක්ෂකකම මහින්දට දෙන්න. "