තමන්ට බලය ලැබුණු පසු රටේ ජාතික ආරක්ෂාවට සහ රටේ මුහුදු ප්‍ර‘දේශයට දැඩි පරිසර හානියක් සිදුකරමින් ඉදිකරන චීන වරායේ ඉදිකිරීම් නවතා දමන බවට විපක්ෂනායකවරයා ලෙස කටයුතු කරන කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ, අගමැති තනතුර ලැබුණු පසු ඔහු එම පොරොන්දුව අමතක කර දමා තිබෙන බව පරිසර සංවිධාන සඳහන් කරයි.
කොළඹ ප්‍ර‘දේශයේ සිට මීගමුව මුහුදු වෙරළ දක්වාත්, දකුණු මුහුදු වෙරළේ බේරුවල දක්වාත් මුහුදු තීරයන් සම්පූර්ණයෙන්ම විනාශ කරමින් ඉදිකරන චීන වරාය නගරය තමන් බලයට පත් වූ පසු නවතා දමන බවට රනිල් වික්‍රමසිංහ මහතා රටට පොරොන්දුවක් ලබාදුන් බව එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
එහෙත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ව්‍යෘපෘතිය පිළිබඳව තක්සේරු වාර්තාවක් කැඳවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසුගිය දිනක වෝල් ස්ට්‍රීට් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා ඇති බවද පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.
ව්‍යාපෘතිය පිළිබඳ පරිසර වාර්තාවක් කැඳවනු ලැබුවද, ව්‍යාපෘතියට අවශ්‍ය කළුගල් ලබාගැනීමට රට අභ්‍යන්තරයේ කඳු ආශ්රිත ප්‍ර‘දේශ මේ වනවිට විනාශ කර දමමින් තිබෙන බවත්, මෙම විනාශය නවතා දැමීමට කිසිදු වාර්තාවකට නොහැකි බවත් පරිසර සංරක්ෂණ භාරය සඳහන් කරයි.
මීට අමතරව ව්‍යාපෘති වාර්තාවක් කැඳවනු ලැබුවද මුහුදෙන් වැලි ලබාගැනීමේදී සහ ව්‍යාපෘතිය ඉදිකිරීමෙන් පසු මුහුදට මුදාහැරිය හැකි අපද්‍රව්‍යවලින් සිදුවන විනාශය කිසිවෙකුටත් නවතා දැමිය නොහැකි බවද පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේය.
මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා රටට ලබාදුන් පොරොන්දුව වහාම ඉෂ්ට කරන ලෙසද පරිසර සංවිධාන ඉල්ලා සිටියි.