හිටපු ජනපතිවරයා සිය පෞද්ගලික භාවිතය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයක් සඳහා සුඛෝපභෝගී ආසන කට්ටලයක් ඇණවුම් කර ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය අද නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන් වෙන්නේ අදාළ ආසන කට්ටලය තිළිණයක් ලෙසින් ලබාදුන් බවයි.