අධිකරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළේ යැයි කියන ප්‍රකාශය හරහා බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට පවසයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා මේ බව අධිකරණයට දැන්වීය.
ඔහු සඳහන් කළේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නීතිපතිවරයා විසින් නිරීක්ෂණයට ලක් කළ බවයි.
මෙම නඩුව නැවතත් අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී විවාදයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයාගේ ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුව නැවතත් 18 දා කැඳවීමට නියමිතය.