ශ්‍රී ලංකාවේ ආගමික නායකයින් හා විනිසුරන්ව ඉලක්කගත කිරීමට මත්තෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය පක්ෂයේ තිබෙන වංචා හා දූෂණ පිළිබඳව කතා කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නීතිඥවරුන්, විනිසුරන් මෙන්ම ආගමික නායකයන් විවේචනය කරමින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ දිනවල කරන ප්‍රකාශ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව අද (17දා) සඳහන් කළේය.