එක්සත් ජාතික පක්ෂයේ බහුතර පිරිසකගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවෙන් ඉවත්වී බස්නාහිර පළාත් මහා ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට අදහස් කරමින් සිටින බව රත්නපුර දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රි රංජන් රාමනායක මහතා සඳහන් කරයි.
ප්රතිපත්ති ගරුක දේශපාලනඥයෙක් වශයෙන් උපන් බල ප්රදේශයෙන් වෙනත් ප්රදේශයකට ගොස් පළාත් සභා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී විශාල ජයක් ලැබූ බවත්, මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු වූයේද උපන් බල ප්රදේශයෙන් පිටත සිටිමින් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේනිසා උපන් පළාත තුළදී සහ ගම්පහ දිස්ත්රික් සංවිධායකවරයා වශයෙන් මහ ඇමති තනතුරුට තරග වැදීමට සුදුසුම පුද්ගලයා තමා බවද මන්ත්රීවරයා පවසා සිටියේය. මෙම අදහස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්රමසිංහ මහතාටත් ඉදිරිපත් කළ බවත්, ඒ අනුව අවස්ථාවක් ලැබුණහොත් බස්නාහිර පළාත එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකිවන බවද රාමනායක මහතා සඳහන් කළේය.
මීට අමතරව පක්ෂයේ බහුතර පිරිසක් තමන්ට උදව් උපකාර කරන බවත්, මේ උදව් උපකාර මත සහ ප්රතිපත්ති ගරැක දේශපාලනඥයෙක් වශයෙන් ජනතාවට තමා සමග සිටින නිසා මහ ඇමැති තනතුරු ලබා ගැනීමට හැකි වීම අනිවාර්යය බවද ඒමහතා වැඩිදුරටත් පවසා සිටියේය.