බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා ඉදිරිපත්වන බව නාමයෝජනා ලබා දීමට පෙර විශාල කසුකුසුවක් තිබුණා. එහෙත් මන්ත්රීවරයා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූයේ නැහැ. මේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා ගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ තමන් පළාත් සභාවට එක්වුවහොත් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ හඬ අඩු වීමට ඉඩ ඇති බව පාක්ෂයේ වැඩි පිරිසකගේ මතය වූ බවයි. මැද පෙරදිග සේවය කරන ලක්ෂ 18 කට ආසන්න ශ්රී ලාංකිකයන්ගේ ප්රශ්න සම්බන්ධයෙන් සොයා බැලීමට එ.ජා.පයෙන් අනුයුක්ත කර ඇත්තේද තමන් වීමත් පළාත් සභාවට එක්වීම හරහා එම කටයුතු දුර්වලවීමට ඉඩ තිබීමත් යන කරුණු තමන් පළාත් සභාවට එක් නොකිරීමේ පක්ෂ නායකයන් ගේ තීරණයට හේතු වූ බව රාමනායක මහතා කීය.