රත්තරන් හා සමාන වටිනාකමකින් යුත් ප්ලේඩියම් (Palladium ) නැමති ලෝහ වර්ගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ පුද්ගලයකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (19දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
කොළඹ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් හොංකොං සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙම ලෝහ ගොතය රැගෙනවිත් ඇති බවද රේගුව පවසයි.මෙම ලෝහ වර්ගය ආභරණ මෙන්ම මෝටර් රථ වල විශේෂිත අමතර කොටස් නිෂ්පාදනයට ද යොදා ගන්නා බව රේගුව පවසයි.
අත්අඩංගුවට පත් ප්ලේඩියම් ලෝහ තොගයේ බර ග්‍රෑම් 617.63 ක් බවත් ඒවායේ වටිනාකම රුපියල් 19,91,425 ක් බවද රේගුව පවසයි.