රුපියල් විසිතුන් ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා රන් කැබලි දෙකක් තම ගුද මාර්ගයේ සඟවාගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යාමට පැමිණි ඉන්දීය ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද (08දා) අත් අඩංගුවට ගනු ලැබූහ.
සැකකරු 24 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණ, රේගුවට භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගින්ගේ මාර්ගය ඔස්සේ පිටවීමට උත්සාහ කරද්දී අත් අඩංගුවට ගත් බව රේගුව පවසයි. අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි දෙකේ බර ග්රැම් 396 කි.