රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිනි අමෙන්ද්රා මහත්මිය යළිත් ලබන 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඇයව අද (26දා) යළි තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්රාත් විදුර වීරකෝන් මහතා නැවතත් ඇය රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
තංගල්ලේ රාජ්ය බැංකුවක ඇය සේවය කරමින් සිටින විට මෙම රන් භාණ්ඩ වංචාව සිදුව තිබේ.