රුපියල් තුන්කෝටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 75 ක් නීති විරෝධීලෙස ගුවන් තොටුපොළෙන් පිටකිරීමට උත්සාහ කළ ගුවන් සමාගමක සේවකයන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද (19දා) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතාපැවසුවේය.
සැකකරුවන්ගෙන් එක් අයෙකු ප්‍රසිද්ධ ගුවන් සමාගමක ගුවන් යානා කාර්ය මණ්ඩල නිලධාරියෙකු වන බවත්, අනෙක් තැනැත්තා එම ගුවන් සමාගමේම රියදුරෙකු බවත් රේගුවකියයි. අත් අඩංගුවට ගත් රන් බිස්කට්වල බර කිලෝග්‍රෑම් හත හමාරකි.