අයවැය යෝජනාවකට අනුව ප්‍රධාන රථවාහන වැරදි 07කට දඩ මුදල් ඉහළ දමන බවට සඳහන් කළද, දඩ මුදල් වැඩි කිරීම පිළිබඳ කමිටු වාර්තාව මගින් වැරදි 30කට වැඩි ප්‍රමාණයකට දඩ මුදල් ඉහළ දමා ඇතැයි ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශ ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්, අධිකරණ අමාත්‍යාංශ ලේකම් මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුවේනියෝජිතයන් මෙම කමිටු නියෝජනය කරන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.
සකස් කර තිබෙන කමිටු වාර්තාවට අනුව මෝටර් වාහන ප්‍රධාන මාර්ගයක පසුපසට හා ප්‍රධාන මාර්ගයකට පසුපසට පැදවීම වෙනුවෙන් අය කළ රුපියල් 20 දඩ මුදල රුපියල් දහස දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇතැයිද පවසා සිටියේය.
යම් අවස්ථාවල මෝටර් වාහන පිටුපසට ගැනීමට සිදුවන බවත්, එවැනි අවස්ථාවක මෙවැනි දඩ මුදලක් අය කිරීම සාධාරණ නොවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව වායු විමෝචනය වෙනුවෙන් බව සඳහන් කරමින් මුල් අවස්ථාවේදී රුපියල් 1000 ක මුදලකුත්, දෙවැනි අවස්ථාවේදී රුපියල් 2000 - 5000 අතර මුදලකුත් අයකරගැනීමට යෝජනා කර ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
එහෙත් වාර්ෂික බලපත්‍ර ලබාගැනීමට අනිවාර්යයෙන්ම වායු විමෝචන සහතිකයක් අවශ්‍ය බවත්, මේ නිසා ඉන්පසුව පොලීසියට වායු විමෝචනය පිළිබඳ නිර්වචනය කිරීමටනොහැකි බවත් ඔහු කීය.
මේ නිසා මෙම වගන්තිය හරහා රියදුරන් අපහසුතාවට පත්වන බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව මහාමාර්ගයක නවතා තැබූ, අනාරක්ෂිතව තබා යන හෝ ක්‍රියාවිරහිත වූ විට ගත යුතු ක්‍රියාමාර්ග යන නීති යටතේ මෙතෙක් අයකරගත් රුපියල් 500 දඩ මුදල් රුපියල් 2000 දක්වා ඉහළ දමා ඇති අතර, එය ඉතාමත් අසාධාරණ ක්‍රියාවක් බවත්, මෙම වරද පොලීසියට සිතූ සිතූ පරිදි නිර්වචනය කළ හැකිවීම එයට හේතුවබවද සඳහන් කළේය.
වැඩිපුර මගීන් ගෙනයෑම වෙනුවෙන් බස් රථවලට මීට පෙර රුපියල් 150 ක දඩ මුදලක් අයකරගත් අතර, එම මුදල රුපියල් දහසක් දක්වා ඉහළදමා තිබෙන බවත්, එහෙත් මෙම දඩ මුදල ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම පවසා සිටියේය.