කොළඹ නගරයේ මං තීරු නීතිය අද (12දා) සිට දැඩිව ක්රියාත්මක කරන බව කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂ සුමිත් නිශ්ශක මහතා සඳහන් කළේය.
ඒසඳහා පොලිස් නිලධාරීන් අතිරේකව යෙදවීමටත් කටයුතු කරන බවත් මීට අමතරව සී.සී. ටී. වී දර්ශන උපයෝගී කරගැනීමට කටයුතු කරන බවද තෙතෙම පවසා සිටියේය. මේ නිස සියලුමදෙනා මාර්ග නීතියට ගරුකරමින් හා සංඥා පුවරු මගින් ලබාදෙන සංඥා ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතු බවද ඔහු කියා සිටියේය.