තැපැල් වර්ජනය හේතුවෙන් රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ විශේෂ කවුළු පිහිටුවා ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් අතර පැවැති සාකච්ඡාවකින් පසුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.