මීට වසරකට පමණ පෙර රතුපස්වල සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලමින් රතුපස්වල ගම්වාසීන් පිරිසක් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත පැමිණිලි කර තිබේ.
අදාළ පැමිණිල්ලේ මෙලෙස සඳහන් වේ.
‘වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරිය ජනතාවට යුද හමුදා භටයන් ලවා වෙඩි තබා දැනට වසර එකහමාරකට වැඩිය. සාමාන්‍ය ගම්වාසීන්ට මෙන්ම මාධ්‍යවේදීන්ද එහිදී අපහසුතාවට පත් වූ අතර ගම්වාසීන්ට පහරදීම, තිදෙනකු වෙඩි තබා මරාදැමීම, තවත් විසි ගණනකට තුවාල සිදුකිරීම සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.’
දින 100 වැඩපිළිවෙල යටතේ විමර්ශනයක් පවත්වා වරදකරුවන්ට දඩුවම් දෙන ලෙස ඔවුහු වැඩිදුරටත් මෙමගින් ඉල්ලා තිබේ.