වැලිවේරිය, රතුපස්වල සිදුවීමත් හංවැල්ල, තුන්නාන ප්රදේශයේත් ඇති වූ සිදුවීම් අතර සමානතාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම තුන්නාන ප්රදේශවාසීන් ගෙනගිය විරෝධතාව තුළ කිසිදු දේශපාලන අරමුණක් නොවූ බවත්, එය පැහැදිලිවම ප්රදේශවාසීන්ට බලපාන කාරණාවක් වෙනුවෙන් ගෙනගිය පොදු සටනක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.
තුන්නාන විරෝධතාව සඳහා ශ්රී. ල.නි.ප, ජ.වි.පෙ, එ.ජා.ප. යන පක්ෂ භේදයකින් තොරව ගම්වැසි සියලු දෙනා ඒකරාශී වී සිටි බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.