ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ තමන්ට මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව රතුපස්වල ගම්වැසියෙක් වන සුරේෂ් පෙරේරා මහතා පැවසීය.
මෙම ආණ්ඩුවේද ඇතැම් පිරිස් කෙටිකාලයක් ඇතුළත විසඳුම් ලබාදෙන බව පැවසුවද මෙතෙක් එය ඉටුනොකළ බවද ඔහු කීය.
අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රතුපස්වල ගම්වාසීහු,
“‘රතුපස්වල ජලය අපිරිසුදු වන බවට දීර්ඝ කාලයක පටන් බලධාරීන් සමග සාකච්ඡා කර විසඳුමක් නොලැබුණු නිසා අපි පාරට බැස්සා. අවසානයේ කර්මාන්ත ශාලාව ඉවත් කරගන්න සිද්ධ වුණා.
අද වනතුරු තුවාලකරුවන් වෙනුවෙන් මොනවත් කරලා නෑ. වතුර අපවිත්‍ර කළාට කම්හලට එරෙහිව මොනවත් කරලා නෑ. විෂ වතුර බීපු ගම්වාසීන්ට මොනවත් දුන්නේ නෑ. පිරිසුදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්වාසීන්ට අයුතු ජනරාශිය ඇතුළු චෝදනා යටතේ පොලීසියෙන් නඩු දැම්මා* යනුවෙන් කියා සිටියහ.
තරුණ නීතිවේදීන්, වෘත්තීය සිමිති නියෝජිතයන්, පරිසරවේදීන්, රතුපස්වල ගම්වැසියන් ඇතුළු පිරිසක්මේ සඳහා සහභාගී වූහ.