පසුගිය වසරේ රතුපස්වලසිදුවූ සිද්ධිය පිළිබඳ පරීක්ෂණඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී එහි විමර්ශන කටයුතු නැවත ආරම්භකරන ලෙසත්, වෙඩි වැදීමෙන් ආබාධිත වූ අය සඳහා වන්දි මුදලක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් රතුපස්වල ජනතාව ඊයේ (25දා) වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.
වෙඩි තැබීමෙන් තරුණයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 26දෙනෙක් තුවාල ලැබූහ.
ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශ දෙකක්නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග සහ බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන,පළත් සභා සහ පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය යන මහත්වරුන්ට බාරදීමද සිදුවිය.