රතුපස්වල ජල දූෂණය සම්බන්ධයෙන් පවරා තිබුණ නඩුවේ ප්‍රධාන විත්ති පාර්ශවයක් වූ වෙනිග්‍රොස් කර්මාන්තශාලාව එම නඩුවෙන් මුදාහැරීමට අභියාචනාධිකරණය අද (31දා) තීන්දු කොට තිබේ.
සිය නෑ ජලය සුරැකීමේ සංවිධානය විසින් පවරා තිබුණ නඩුව මගින් කියා සිටියේ වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරකම් රතුපස්වල ජල දූෂණයට හේතු වූ බවයි.
අදාළ පෙත්සම විභාගයට කැඳ වූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් දැනුම් දුන්නේ කර්මාන්ත ශාලාව වසා දමන බවට සමාගමේ නීතිවේදීන් අධිකරණයට ප්‍රතිඥාවක් දී ඇති බවයි.
වෙනිග්‍රොස් සමාගම රජයේ ආයතනයක් නොවන බැවින් එම ආයතනයට එරෙහිව නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය ඒ අනුව අදාළ සමාගම නඩු විභාගයෙන් නිදහස් කරන බව දැනුම් දුන්නේය.
එමෙන්ම, මෙම නඩුව නොවැම්බර් මස 5 වැනිදා යළි කැඳවීමට අධිකරණය තීරණය කළ අතර, එම දිනයේ නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අභියාචනාධිකරණය නියම කළේය.