රතුපස්වල පානිය ජල ගැටලුව වෙනුවෙන් හඬනැගූ රතුපස්වල පරිසර සංවිධානයේ කැඳවුම්කරුට එල්ල කළ ප්රහාරයට විරෝධයපා රතුපස්වල ජනතාව අද (17දා) වෙනිගොස් කර්මාන්තශාලාව අසලට රැස්ව තම විරෝධය පළ කරන්නට විය.
විරෝධතාව පැවති ස්ථානයට පැමිණි ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ජනතාවට ප්රකාශ කර සිටියේ, පොලිස් පරීක්ෂණ කටයුතු සිදුකර අදාළ පුද්ගලයන්අත්අඩංගුවට ගැනීමට පැය 24ක කාලයක් ලබා දෙන ලෙසයි.
කැඳවුම්කරු කුමාර මහතාට පෙරේදා (16දා) සවස සවස 6.45 ට පමණ යක්කල පොළ අසලදී මෙසේ පහර දී තිබේ. මෙම පහරදීම පිටුපස රතුපස්වල ජලය විෂවීමට හේතුවුයේ යැයි ජනතාව චෝදනා නගන වෙනිගොස් ආයතනයේ සේවකයන් පිරිසක් සිටින බව ගම්වැසියෝ ප්රකාශ කරති.