රතුපස්වල දී වෙඩි වැදුණු පිරිසට වන්දි ලබා දෙන ලෙසත්, ගම්වාසීන්ට පටලවා ඇති බොරු නඩු වහාම ඉවත් කරන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ඉල්ලීම අනුව එම සියලු සහනයන් අප්‍රේල් පස් වැනිදාට පෙර ලබා දීමට ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහතා අද එකග වූ බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා කියයි.
ජනාධිපති ලේකම්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, පොලිස් ප්‍රධානින්, ගම්පහ දිසාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු රැසකගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී අද පැවති විශේෂ සාකච්ඡාවක දී එම තීරණ ගනු ලැබීය.
මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංවිධානය දැනුම්වත් කළේය.
2013 අගෝස්තු පළමු වැනිදා පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට එවකට රජයේ ප්‍රධානීන් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවලවා වෙඩි තැබීම මගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය විය. ඊට එරෙහිව රුපස්වල ගම්වාසීන් සමග ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අඛණ්ඩ අරගලයක් ගෙන ගිය අතර සිවිල් සංවිධානවල සහයෝගය ද ඊට ලැබිණි.
ඒ අනුව මෙම ජයග්‍රහණය අත්පත් කර ගනු ලැබුවේ වසර දෙක හමාරක් තිස්සේ කළ දීර්ඝ සටනකින් පසුය.
එහෙත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලක් අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් තවත් පරීක්ෂණයක් තවමත් සිදු කෙරෙන බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත්කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ