දකුණු පළාතේ අපරාධ රැසකට සම්බන්ධ බව කියන රතු පුතා නොහොත් නිශාන්ත ජයවර්ධන නැමැත්තා අද (25දා) පස්වරුවේ මිය ගිය බව බෙලිඅත්ත පොලීසිය කියයි.
බෙලිඅත්ත, හම්බුස්සාවල ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මොහු ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ සිවුදෙනෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිති.