වැඩ කරන ජනතාවට අයිතිවාසිකම් දිනා ගැනීමට අවශ්‍ය නම් කොළ කොඩි, නිල් කොඩි යටට නොගොස් මෙදා මැයි දිනයේදී රතු කොඩි අතට ගත යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
වැඩ කරන ජනතාවගේ සංකේතය ද නැත්තයි මිටිය යැයි බවත්, ඒසේ නොමැතිව අලියා හෝ අත ලකුණ නොවන බවද එම සංගමයේ සභාපති කේ.ඩී.ලාල් කාන්ත මහතා සඳහන් කළේය.
කම්කරුවාගේ දිනය මේ වනවිට දේශපාලනඥයින් තමන්ගේ බලය ශක්තිමත් කරගැනීම සඳහා යොදා ගන්නා බවත්, මේ නිසා මෙවර සියලුම වැඩකරන ජනතාව රතු කොඩි අතට ගෙන තම අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන ආරම්භ කළයුතු බවත්, ඒ සඳහා නායකත්වය දීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
අද (24දා) පැවති මාධය සාකච්ඡාවකදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.