හිටපු අග්රාමාත්ය රත්නසිරි වික්රමනායක මහතා පිළිබඳව පාර්ලිමේන්තු කල් තැබීමේ ශෝක යෝජනාව අද (07දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිනි. එම අවස්ථාව සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද එක්වූ අතර ඔහු විවාදය ආරම්භ කරනු ලැබීය. ශ්රී ලංකාවේ හිටපු කෘතහස්ත දේශපාලඥයෙකු වූ රත්නසිරි වික්රමනායක මහතා පසුගිය වසරේ දෙසැම්බර් මස 27 වැනිදා අභාවප්රාප්ත වූයේය.