රත්නපුර දිස්ත්‍රික්කයට ඊයේ (09දා) පෙරවරුවේ සිට වරින් වර විදුලිය බිඳ වැටීම් සිදු විය. මේ හේතුවෙන් රත්නපුර, නිවිතිගල,ඇලපාත, කහවත්ත, පැල්මඩුල්ල, බලංගොඩ,ඇඹිලිපිටිය ආදී ප්‍රදේශ වල ජනතාවගේ එදිනෙදා කාර්යයන් වලට බාධා ඇති වී තිබේ.
මේ පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයෙන් විමසීමේදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නව ලක්ෂපන සිට බලංගොඩ ග්‍රිඩ් උපපොළ දක්වා විදුලිය බෙදාහරින සම්ප්‍රේෂණ රැහැන් දෙකක බිඳවැටීම මෙයට හේතුව බවයි. විදුලිය බිඳවැටීම යථාතත්වයට පත් කිරීමට මේ වනවිටත් කටයුතු සිදු කරමින් සිටින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
නිවිතිගල හසල බුද්ධික