රත්නපුර මහ නගර සභා සභාපති පොහොට්ටුවෙන්
රත්නපුර මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා පැවැති රහස් ඡන්දයේදී ඡන්ද 12ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ.එම්.ටිරොන් හිරන්ත අත්තනායක මහතා නගරාධිපතිවරයා ලෙස අද (28දා) තේරී පත්විය.
මෙහිදී නගරාධිපති ධුරයට තරග කළ සෙසු අපේක්ෂකයා වූ චන්ද්‍රසිරි අතුකෝරළ (විනී) මහතාට හිමිවූයේ ඡන්ද 11කි. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වූ අතර, ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
උපනගරාධිපතිවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දයෙන් ඡන්ද දහතුනක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ එම්.ඒ.මුණසිංහ මහතා නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්විය.
අලුතින් තේරී පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති ටිරෝන් හිරන්ත අත්තනායක මහතාට සහ නියෝජ්‍ය නගරාධිපති එම්.ඒ.මුණසිංහ යන මහත්වරු දෙදෙනාට මුලින්ම මල්මාලා දමා පිළිගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා වීම කැපී පෙනුණි.
අජිතලාල් ශාන්ත උදය
අජිත්ලාල් ශාන්තඋදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                    
 
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                