රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායම් දෙකකට පවරා තිබේ.
මේ අනුව පොලිස් නිලධාරියාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා රත්නපුර පොලිස් අධිකාරී I යටතේ පරීක්ෂණයක් පැවැත්වේ.
මීට අමතරව අපරාධ නීතිය යටතේ පොලිස් නිලධාරීවරයාට එරෙහිව ක්රියාමාර්ග ගැනීමට රත්නපුර අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. විනයානුකූල කටයුතු කිරීම පිළිබඳ සොයාබලන පොලිස් කණ්ඩායම මේ වනවිට සාක්ෂි 07කුත්, අපරාධ විමර්ශන අංශය සාක්ෂි 08කුත් සටහන් කර ඇත.
ඉදිරි ක්රියාමාර්ග ගැනීම සඳහා තමන්ට සිදු වූ වදහිංසාව සම්බන්ධයෙන් පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස පහරකෑමට ලක්වූ කාන්තාවගෙන් පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.