රත්ගම ප්රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අද (22දා) හික්කඩුව, තෙල්වත්තේදී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය පවසයි.
පසුගිය මාර්තු 23 වැනි දින හික්කඩුව සංචාරක හෝටලයකදී මනෝජ් මෙන්ඩිස් මහතා ඝාතනය කිරීමෙන් පසුව එහි ප්රධාන සැකකරු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී මීට පෙර අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව හික්කඩුව පොලීසිය විසින් තුයියාහන්දි දිනේෂ් ප්රියංකර හෙවත් හිච්චි සහ මෙරෙඤ්ඤ ශ්රීමාල් හෙවත් තට්ටයා යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මනෝජ් මෙන්ඩිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හතරවැනි සැකකරු වන මෙම පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල රවිඳු දීයගහගේ