වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට කළ කැපවීම වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පිරිනමා කළගුණ සලකා ඇති බැවින් රතන හිමියන් ආණ්ඩුව අපහසුතාවට පත්වන ප්‍රකාශ සිදුකොළ යුතු බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
අපරාධවලට සම්බන්ධ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ත්‍රිවිධ හමුදාවේ පරීක්ෂණ මණ්ඩලයකින් අනුමත වුවහොත් පමණක් අත්අඩංගුවට ගතයුතුයි කියා රතන හාමුදුරුවෝ කියන කාරණය වැරදියි.
රතන හාමුදුරුවන්ට ස්වාමීන්වහන්සේ නමක ලෙසමම ගරු කරනවා. නමුත් යුද විශ්ලේෂකයකු ලෙස මම උන්වහන්සේට ගරු කරන්නේ නැහැ. යුද්ධ භටයා, හමුදාපති, රටේ ජනාධිපති පවා රටේ නීතියට යටත්. කිසිම කෙනෙකුට රටේ නීතිය අබිබවා යන්න බැහැ. එහෙම වෙද්දි මෙයා මේ පරීක්ෂණ මණ්ඩලය අනුමත කළ යුතුයි කියලා එහෙම මොකුත් නැහැ. සංඝයාවහන්සේලාට වුණත් සංඝාධිකරණයකින් තෝරලා රටේ නීතිය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් නැහැනේ. මම දන්න විදිහට 81 ක් විතර වැලිකඩ හිරගෙදර ඉන්නවා. රටේ නීතිය හැමෝටම පොදුයි යැයි අමාත්‍යවරයා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.