මියන්මාර සරණාගතයන් රඳවා සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව පූජ්‍ය අඹන්පොළ රතනසාර හිමියන් හා ප්‍රගීත් චානක ගුණතිලක නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය පතයි.
මෙම පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් යෙදී සිට වැඩ තහනමකට ලක්ව ඇති බවත් පොලීසිය කියයි. එසේම ඔහුට එරෙහිව මුස්ලිම් පල්ලියකට පහරදී අලාභහානි කිරීම හා පානදුර බාලිකා විදුහලක විදුහල්පතිනියකට තර්ජනය කිරීම සම්බන්ධයෙන් නඩු දෙකක් පවතින බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මොවුන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 071-8591727 (අධ්යක්ෂ කොළඹ අපරාධ ඒකකය) දැනුම් දෙන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.