දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරන අතුරලියේ රතන හිමියන්ගේ ස්ථාවරය ජාතික හෙළ උරුමයට දන්වන ලෙස එම පක්ෂය විසින් රතන හිමියන්ට දන්වා ඇති බව වාර්තාවෙයි.
රතන හිමියන් ස්වාධීන විම පිළීබඳව පක්ෂය විසින් උන්වහන්සේට කරුණු පැහැදිලි කළ බවත් එයට ප්රතිචාර දැක්වීමට උන්වහන්සේ කටයුතු කළ යුතු බවත් ජාතික හෙළ උරුමයේ අදහස වී ඇත.
එක්සත් ජාතික පෙරමුණට ලැබුණ ජාතික ලැයිස්තු මන්ත්රීධුරයක් රතන හිමියන්ට ලැබි තිබෙන බවත් ඒ හේතුවෙන් උන්වහන්සේ ආණ්ඩුව නියෝජනය කළ යුතු බවත් ජාතික හෙළ උරුමයේ අදහස වී තිබේ.
උන්වහන්සේ තවදුරටත් පක්ෂයේ සිටින්නේ නම් පක්ෂයේ ප්රතිපත්තිවලට අනුකූලව කටයුතු කළ යුතු බව එහි අදහස වී තිබේ. නොඑසේනම් උන්වහන්සේගේ මන්ත්රීධුරය ජාතක හෙළ උරුමයට පිරිනමා මන්ත්රීධුරයෙන් ඉවත්විය යුතු යැයිද පක්ෂයේ අදහස වී තිබේ.