රටට සහ ජනතාවට ආශිර්වාද පතා රතන සූත්රය ලක්ෂ වාරයක් සජ්ඣායනා කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
ඒ අනුව මේ මස 20 වැනි සෙනසුරාදා සවස 6.00 සිට පුරා මාස 05ක් ගතවනතෙක් නාරාහේන්පිට අභයාරාමයේදී මෙම පිංකම පවත්වන බවත්,තම තමන්ගේ ජල බෝතල්,තෙල් බෝතල්,යන්ත්ර ආදියගෙනැවිත් බාරදීමට මහජනතාවට අවස්ථාව තිබෙන බවත් කී උන්වහන්සේ පිරිත් දේශනාව අවසානයේදී ඒවා අදාළ පුද්ගලයන්ට ලබාදීමට කටයුතු සලසා ඇතැයිද ප්රකාශ කළහ.
මෙම අවස්ථාවට සහභාගි වන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන,අග්රාමාත්ය රනිල් වික්රමසිංහ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට ආරාධනා කර ඇතැයිද ආනන්ද හිමියෝ කීහ.