යුද්ධය පැවැති සමයේදී සිදුකළ රාජකාරි කටයුත්තක් පදනම් කරගෙන යුද අපරාධ විමර්ශනයක් සඳහා යම් රණවිරුවෙකුට කැඳවීමක් ලැබුණහොත් ඔවුන්ට නීතිමය සහන ලබාදීමට කීර්තිමත් නීතිඥයන් පිරිසකගේ සැදුම්ලත් රණවිරු නීති සහන පදනම සූදානමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
පසුගිය දිනවල හමුදා නායකයන් ගණනාවකගෙන් වත්මන් රජය ප්‍රශ්න කර තිබෙන බවත්, ඒ අවස්ථාවන්වලදී නීති අංශවලින් රණවිරුවන්ට සහනයක් නොලැබී ඇති බව පැවසූ ගම්මන්පිල මහතා, ඉදිරියේදී ඕනෑම රණවිරුවෙකුට අවශ්‍ය නීතිඥ සහාය ලබාදීමට සූදානම් බව පවසා සිටියේය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (07දා) පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.