බත්තමුල්ල රණවිරු ස්මාරකය අසලදී මේ මස 18 වැනිදා පවත්වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය සඳහා සහභාගිවන්නේ පවතින රජයේ නායකයන් පමණක් බව රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.
ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමේ සම්ප්රදාය එය බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු එම අවස්ථාවට සහභාගි නොවන බවද ඇය පවසා සිටියාය.
|
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරු සැමරුමට එක්නොවෙන බවයි අනෝමා ෆොන්සේකා මහත්මිය පැවැසුවේ.
|
ජනාධිපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඇතුව වත්මන් රජයේ මැති ඇමතිවරුන්ද, යුද්ධයෙන් මියගිය හා ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ද එම අවස්ථාවට එක්වීමට නියමිත බවද ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.
ඡායාරූප ඉසුරු පෙරේරා