ක්‍රියාන්විත රාජකාරියේදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය රණවිරුවන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට රණවිරුවාගේ වයස අවුරුදු 60 දක්වා වැටුප් හා දීමනා ගෙවීම සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
ත්‍රිවිධ හමුදා විශ්‍රාමික අබාධිත රණවිරුවන්ට අදාළ පොදු ගැටලු පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටීමේදී ත්‍රස්තවාදී නොවන වෙනත් හේතූන් මත තුවාල ලබා සිටින ආබාධිත රණවිරුවන් සඳහාද සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද, ක්‍රියාන්විත රාජකාරීයේ යෙදීසිට තුවාල ලබා විශ්‍රාම ගන්නා ලද රණවිරුවන්ට වයස 55 ගතවීමෙන් පසු ජීවත්ව සිටිනතාක් දුබලතා විශ්‍රාම වැටුප් ගෙවීමටද හැකිවන සේ සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික දීමනා ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීමටද මෙහිදී තීරණය කරඇත.
එමෙන්ම ක්‍රියාන්විත රාජකාරියේ යෙදී තුවාල ලබා අබාධිතව විශ්‍රාම ගන්නා රණවිරුවන්ට වයස 55 න් පසු මියයනතෙක්ම වැටුප් හා දීමනා ලබාදීම සඳහාඅවශ්යඅමාත්යමණ්ඩලසංදේශයක්සකස්කිරීමටදතීරණයකරතිබේ.
එමෙන්ම යුද හමුදාවේ නිලධාරීන් 28 ක්, සෙබළුන් 1537 ක්, නාවික හමුදාවේ සෙබළුන් 05 ක් හා ගුවන් හමුදාවේ සෙබළුන් 03 දෙනෙකු වෙනුවෙන් හිඟ වැටුප් ලබාදීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 6.3 ක මුදලක් ලබාගැනීම සඳහා කටයුතු කිරීමටද මෙහිදී අනුමැතිය හිමි වී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජෙනරාල් ඇතුළු නිලධාරීහු සභභාගි වූහ.