2016 ජාතික රණවිරු සමරු මාසය ප්රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම අද (05) ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත්රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැපකළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජය විසින් ප්රකාශයට පත් කරන අතර එයට සමගාමීව රණවිරු කොඩි අලෙවිය ද සිදු වේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහිදී පළමු සමරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළදවනු ලැබීය.