රණවිරු විරුසර වරප්‍රසාද කාඩ්පත ප්රදානය කිරීමේ මීළඟ අධියර මෙමස 30 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය පැවසීය. ඒ හම්බන්තොටදීය . අදාළ කාඩ්පත හරහා වෛද්‍ය, ආහාර, ගමනාගමන, රෝහල්, බැංකු ණය, වෘත්තීය පාඨමාලා ඇතුළු පහසුකම්, ප්රතිලාභ සහ වට්ටම් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 45ක් මගින් ලබාගැනීමේ හැකියාව පවතියි.