රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් උදාකළ රණවිරු පවුල් 3650කට කිසිදු නිවසක අයිතියක් නොමැති බව සිදුකළ සමීක්ෂණයකදී තහවුරු වී ඇතැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මෙම සියලුම දෙනාට %විරු සුමිතුරු^ වැඩසටහන යටතේ 2020 වසර වන විට නිවසක් ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම නිවාස ලබාදීම ආධාරයක් යටතේ ලබාදීමටත් කටයුතු කරන බවද අද (04දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.