ශ්‍රී ලංකාවේ රණවිරුවන් විසින් සිදුකළ වීරෝධාර නීත්‍යනුකූල පරිත්‍යාගය කිසිම කෙනෙකුට අන්තර්ජාතිකව ප්‍රශ්න කිරීමට ජාතික හෙළ උරුමය ඉඩ නොතබන බව මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පසුගිය 19දා පැවති ජාතික හෙළ උරුමය ජන හමුවක් අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා,
"අපේ රණවිරුවන් විසින් සිදුකළ මේ වීරෝධාර නීත්‍යනුකූල පරිත්‍යාගය කිසිම කෙනෙකුට අන්තර්ජාතිකව ප්‍රශ්න කිරීමට අප ඉඩ තියන්නෙ නෑ. ඒක මේ රටේ අපේ ජනතාවට ඒ රණවිරුවන් කරපු ලොකු මෙහෙවරක්. ඒ වෙනුවෙන් අපි එදත් පෙනී සිටියා, හෙටත් පෙනී සිටිනවා. ඒ ක්‍රියාවලිය අපි කරනවා." යැයි පවසා සිටියේය.