අභාවප්රාප්ත අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවූ දිනයේදී සොරාගත් රණ මයුර පදක්කම නැවතත් අද දිනයේදී එම මහතාගේ බිරිඳ වෙත භාරදීමට නියමිතය.
එම පදක්කම බස් රථයක දමා ගොස් තිබියදී බම්බලපිටිය පොලීසිය විසින් සොයාගනු ලැබීය. පසුව අධිකරණය නියෝග කළේ එම පදක්කම නැවතත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පවුලේ උදවිය වෙත බාරදෙන ලෙසයි.
ඒ අනුව බම්බලපිටිය පොලීසිය විසින් අද පෙරවරුවේදී එම පදක්කම බාර දීමට නියමිතය.