රට තුළ සිටින සියලුම මහජන නියෝජිතයන්ට චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීමට රජයේ අවධානය යොමුව තිබේ.
චර්යාධර්ම සකස් කිරීමේ කටයුත්ත ජනතා විමුක්ති පෙරමුණට පවරා තිබෙන අතර, මේ අනුව සකස් කරන චර්යාධර්ම පද්ධතිය පෙබරවාරි 02 වැනිදා සිට රට තුළ ක්රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.
පසුගිය කාලය පුරාම පළාත් පාලන ආයතන මහජන නියෝජිතයාගේ සිට පාර්ලිමේන්තු නියෝජිතයා දක්වා වූ පිරිස් අතරින් යම් යම් පිරිස් සිදුකරන නීතිවිරෝධී ක්රියා හේතුවෙන් රටේ ජනතාවට විඳින්නට සිදුවූ දුෂ්කරතා සැලකිල්ට ගනිමින් ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරන බව පොදු අපේක්ෂකයා වශයෙන් සිටියදී වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පොරොන්දු ලබාදී තිබුණි.
මෙම පොරොන්දුව දින 100 වැඩපිළිවෙළටද ඇතුළත් කර තිබෙන අතර, මේ අනුව දින 100 වැඩපිළිවෙළ යටතේ පෙබරවාරි 02 වැනිදා සිට මෙය ක්රියාත්මක කිරීමට නියමිතය.
මෙම ආචාරධර්ම පද්ධතිය තුළ මහජන නියෝජිතයා විසින් ජනතාවට සිදුකළ යුතු කාර්යභාරය පිළිබඳව, රටේ පවතින නීතිරීතිවලට අනුව කටයුතු කරන ආකාරය සහ නීතිවිරෝධී කටයුතු සිදුකරන මහජන නියෝජිතයන්ට ලැබෙන දඬුවම් පිළිබඳවද ඇතුළත් කෙරෙන තිබෙන බවද වාර්තා වේ.