හම්බන්තොට වරාය හෝ ලංකාවේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකදී භූමියේ විකිණීමක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ග්‍රාමීය මාර්ග පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මිලියන 6 ක වියදමෙන් බුත්ගමුව සුනන්දාරම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක් වෙමින්ය.
“අපි මේ මාතෘ භුමියේ එක බිම් අගලක් විකුණන්නේ නෑ. අපි ඩොලර් බිලියන 1.2 ක ණය කන්දරාවක් අරගෙන අනාගත පරම්පරාව ණය කාරයෝ කරන්න හදපු එක. ඩොලර් බිලියන 1.32 චීන ආයෝජන ගෙනත් හවුල් ව්‍යාපාරයක් විදිහට තමයි ගෙනියන්නේ. මේ අය තාම හිතාගෙන ඉන්නවා අපේ රටේ මිනිස්සු තාමත් මෝඩයෝ කියලා. අපි කියනවා නිකම් මිනිස්සුන්ව අන්දන්න එපා කියලා. “