රටේම කසළ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහ නුවරදී මහා නායක හිමිවරුන් හමුවීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය. එසේම යම්කිසි ප්‍රදේශයකට කසළ බැහැර කිරීමේදි පාරිසරික ගැටලුවක් අැති වන්නේ නම් ඒ පිළිබඳව රජයත් සමග සාකච්ඡා කරන ලෙසත් උද්ඝෝෂණ කිරිමෙන් පළක් නොවන බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
එසේම මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ඉදිරි සතියේදී ලැබෙනු ඇති බවත් ඒ පිළිබඳව දෙශීය කණ්ඩායමක් මෙන්ම ලෝක බැංකුවේ කණ්ඩායමක්ද පරීක්ෂණ කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසිය.