මුදල් ගෙවීමකින් තොරව රටේ ඕනෑම ස්ථානයක දී නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ හැකියාව ඉදිරියේ රට තුළ ඇතිවන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති රාජ්ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවසීය. මෙවන් කාර්යයක් සිදුකළ දකුණු ආසියාවේ ප්රථම රට ලෙස ශ්රී ලංකාව ඉතිහාසගත වන බවත් ඒ මහතා පැවසීය. තාක්ෂණයෙන් ශ්රී ලංකාව ශක්තිමත් කිරීමට අගමැති රනිල් වික්රමසිංහ මහතා රටට හඳුන්වා දෙන පංචවිධ ක්රමවේදය ඔස්සේ මෙය සිදුවන බව ඇමැති රුවන් විජයවර්ධන මහතා ප්රකාශ කෙළේය. අද (25) පැවැත්වෙන ජාතික යොවුන් පෙරමුණ බලගැන්වෙන දිනය වෙනුවෙන් ඊයේ (24) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සමාරම්භක උත්සවයේදී ඒ මහතා මේ බව සඳහන් කෙළේය