රටේ ආර්ථිකය වර්ධනය කිරීමට සුදුසුම මොහොත එළැඹිළා
ජිනීවා සාකච්ඡා වලින් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ගොඩ නැගී ඇති විශ්වාසය හරහා රටේ ආර්ථිකය වර්ධනය කිරීමේ සුදුසුම මොහොත එළැඹ ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියයි. එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (14) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී අවධාරණය කළේ ජිනීවා යෝජනා වලදී මානව හිමිකම් තහවුරු වුවා සේම මෙරට ආර්ථික හිමිකම් ද තහවුරු කළ යුතු බවයි. මේ නිසා ව්‍යාපාරික ප්‍රජාවගේ අයිතීන් පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත්, ඒ හරහා ජනතාවගේ ආර්ථික නිදහස තහවුරු කළ හැකි බවත් තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.
2016 අයවැය සඳහා නව රජය සැලසුම් සැකසීමේදී රටේ ජනතාවගේ ආර්ථික හිමිකම් සුරැකීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ඒ මහතා කීය. පසුගිය පාලන සමයේ පැවති විවිධ නීති රීති සහ රෙගුලාසි නිසා ආයෝජකයින් මෙරට ආයෝජනය කිරීම සම්බන්ධයෙන් බියක් දැක්වු බවත්, එම ආයෝජකයින් නැවත ආකර්ශනය කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය නිදහස් වටපිටාව සකසා දිය යුතු බවත් ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

