රටේ ආර්ථිකය ඉහළ නැංවීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍යාංශය ආර්ථික දූත සේවයක් තුළින් මෙරට වෙළෙඳ, ආයෝජන හා සියලු ආර්ථික කටයුතු ප්‍රවර්ධනයට කටයුතු කරන බව එම අමාත්‍යාංශය පවසයි.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මගපෙන්වීම යටතේ සිදුකෙරන මෙම වැඩපිළිවෙළ සඳහා රටේ ආර්ථිකයට අදාළ ආයතන එක්රැස් කෙරෙන ප්‍රථම රැස්වීම අද (15දා) එම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
ඒ අනුව, මෙම රැස්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන්, රජයේ ආයතන, පෞද්ගලික අංශය මෙන්ම, වාණිජ මණ්ඩල නියෝජතයන්ද සහභාගි වී තිබේ.