ලෝකයේ රටවල් 10 ක සිට සරණාගතයන් ලෙස පැමිණි 728ක් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මෙම පිරිස එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය යටතේ සිටින බවත්, එම කිසිවෙකුට ශ්‍රී ලංකා රජය ආධාර ලබාදීමක් සිදු නොකරන බවද පවසා සිටියේය.
මින් වැඩි පිරිස පාකිස්තාන ජාතිකයන් බවත් එම ප්‍රමාණය 533 ක් බවද ඔහු පැවසීය. සරණාගතයන් භාර ගැනීමට ශ්‍රී ලංකා රජය බැඳී නොමැති බවත්, එහෙත් 2005 වසරේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව තාවකාලිකව මෙම පිරිසට රැඳී සිටීමට අවසර තිබෙන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.