දේශප්‍රේමීන් යැයි බෝඩ් එල්ලාගෙන නොසිටියද,රට පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන බවත්,නව ව්‍යවස්ථාව මගින් රටට හානිවන කිසිවක් සිදුවීමට ඉඩනොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය පිළිබඳ අදහස් දක්වමින් අද(02දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා මේබව පවසා සිටියේය.
යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධ අතුරුකමිටුව විවාදය ගන්නා අවස්ථාවේදී ඒ සම්බන්ධ සියලු අදහස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත්කිරීමට අවස්ථාව ඇති බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේමස 30, 31 හා නොවැම්බර් මස 01 වැනිදා යන තෙදින පුරා රැස්වීමට නියමිත අතර, එහිදී නව ව්‍යවස්ථාව පිළිබඳ අතුරුවාර්තාව විවාදයට ගන්නා බවද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.