ඇමතිධුර සංශෝධන සම්බන්ධව ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සිහින තබාගෙන සිටියේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අවබෝධයකින් තොරව බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (03දා) පැවසීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ඇමතිවරුන් වෙනස් කළ නොහැකි බවත්, ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාව අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 වගන්තිය යටතේ අමාත්‍යාංශ ගණන ජනාධිපතිවරයා විසින් තීරණය කරන බවත්, 43/2 යටතේ ඒ ඒ අමාත්‍යාංශයට පත්කරන ඇමතිවරයා අගමැතිගේ උපදෙස් මත ජනාධිපති විසින් පත්කළ යුතු බවත් හෙතෙම පැවසීය.
කොළඹ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ප්‍රශ්නවලට විසඳුම ලෙස ඇමතිධුර මාරුකිරීමෙන් සිදුවනුයේ හිසේ කැක්කුමට කොට්ටය මාරුකිරීමක් වැනි දෙයක් බවයි.
මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ ඇමතිධුර වෙනසක් නොව ආණ්ඩු වෙනසක් බවද ගම්මන්පිල මහතා පවසා සිටියේය.